තරඟ කොන්දේසි සහ නීති රීති
බේලිඅට්ට ප්‍රීමියර් ලීග් (BPL) නිල හැඳින්වීම
1. තරඟ ආකෘතිය සහ කාණ්ඩ
- මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 12 ක් තරඟ වදිනු ලබයි.
- කාණ්ඩ 2 සඳහා කණ්ඩායම් වෙන් කිරීම කුසපත් ඇදීම මඟින් සිදු කරනු ලැබේ. ඒ අනුව A, B, C, D, E, F “01” කාණ්ඩයටත්, G, H, I, J, K, L “02” කාණ්ඩයටත් ඇතුළත් වේ.
- තරඟාවලියේ පළමු වටය ලීග් (League) ක්‍රමයටත්, දෙවන වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට (Knock-out) පැවැත්වේ.
2. තරඟ කාලසීමාව සහ දඬුවම්
- එක් තරඟයක් සඳහා විනාඩි 30 ක් වෙන් කර ඇති අතර, එක් තරඟ අර්ධයක් විනාඩි 15 ක් තුළ අවසන් කළ යුතුය.
- නියමිත වේලාව ඉක්මවා පන්දු යවන අවස්ථාවේදී පන්දු රකින්නන් 5 දෙනෙකු ක්‍රීඩාංගණයේ සටහන් කර ඇති සීමාව තුළට පැමිණිය යුතුය (කඩුළු රකින්නා හා පන්දු යවන්නා හැර).
- ක්‍රීඩකයෙකු දැවී යාමකින් පසු පිතිකරණයට පැමිණෙන ක්‍රීඩකයා විනාඩි 01 ක් තුළ ක්‍රීඩා පිටියට පැමිණිය යුතුය. එසේ නොමැති නම් "Time Out" යටතේ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරනු ලැබේ.
- කිසිදු හේතුවක් මත සහාය ධාවකයෙකු (Runner) ලබා නොදෙන අතර අතිරේක ක්‍රීඩකයෙකුට කඩුළු රැකීමට අවස්ථාව ලබා නොදේ.
3. පන්දුවාර සහ ක්‍රීඩා නීති
- සාමාන්‍ය තරඟයක් එක් අයෙකුට එක් පන්දුවාරය බැඟින් පන්දු 05 හේ පන්දුවාර 04 කට සීමා වේ (කාල වේලාව මත පන්දුවාරයකට යවන පන්දු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ).
- එක් පන්දුවාරයක් තුළ බවුන්සර් පන්දු යැවිය හැක්කේ 01 ක් පමණි (පන්දු 05 ක පන්දුවාරයක් තුළ).
- තරඟමාලාව සඳහා “BRO” සැහැල්ලු පන්දු පමණක් භාවිතා කරන අතර පන්දුවට පහර දෙන කණ්ඩායමට අවශ්‍ය තරම් පන්දු භාවිතා කළ හැකිය.
- සියලුම ආකාරයේ පන්දුව දමා ගැසීම් (Choking/Throwing) සපුරා තහනම් වේ.
- පන්දුවාරයක් අතර මැද පන්දු යවන්නා මාරු කිරීම සිදු කිරීමට ඉඩ දෙනු ලැබේ. (සුපිරි පන්දුවාරයකදී පන්දු යවන්නා වෙනුවට වෙනත් කෙනෙක් ආදේශ කළ නොහැක).
- LBW, Free Hit ඇතුළු අනෙකුත් සාමාන්‍ය ක්‍රිකට් නීතිරීති ක්‍රියාත්මක වේ.
4. ප්‍රසාද ලකුණු සහ අවසන් වටය
- පළමු වටයේදී (League) තරඟ ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 02 ක් සහ තරඟ සම වීමකදී ප්‍රසාද ලකුණු 01 බැගින් හිමි වේ.
- පළමු වටය අවසානයේ කණ්ඩායම් සම ලකුණු ලබා ඇති විට ස්ථාන තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් අතර කුසපත් ඇදීමක් මඟින් සුපිරි පන්දුවාරයක් (Super Over) ක්‍රියාත්මක කරනු ලැබේ.
- එක් එක් කාණ්ඩවල ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක අතර ප්‍රථම අවසන් පූර්ව තරඟය (1st Semi Final) පැවැත්වේ.
- දෙවන වටයේදී (Knock-out) ලකුණු සමවීමකදී ප්‍රතිඵලයක් ලැබෙන තෙක් සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කෙරේ.
5. ඇඳුම් පැළඳුම් සහ සංචිත නීති
- තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩකයන් තද කළු හෝ තද නිල් බොටම් (හෝ එකම වර්ණයේ බොටම්), BPL නිල කණ්ඩායම් ජර්සි සහ සපත්තු පැළඳ ක්‍රීඩා කළ යුතුය. එසේ නොවන ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබේ.
- කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් 11 දෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර, සංචිතය තුළ සිටින සියලුම ක්‍රීඩකයන් අවම වශයෙන් මූලික වටයේ 01 තරඟයක් හෝ ක්‍රීඩා කළ යුතුය.
- සෑම කණ්ඩායමක්ම නියමිත වේලාවට තරඟ සඳහා සහභාගී විය යුතුය. (නොපැමිණෙන අවස්ථාවලදී නීත්‍යානුකූල ප්‍රසාද ලකුණු හිමිවීම හෝ තරඟ අත්හැර දැමීම සිදුවේ).
6. විනය සහ සාමාන්‍ය කොන්දේසි
- විනිසුරුවන්ගේ තීරණය අවසන් තීරණය වේ. විනිසුරුවරුන් සමඟ වාද කිරීම තහනම් වන අතර, එසේ කළහොත් ක්‍රීඩකයා පිටտින් ඉවත් කිරීම හෝ ප්‍රතිවාදීන්ට දඬුවම් ලකුණු 5ක් හිමි වේ.
- ඕනෑම ආකාරයක මත්ද්‍රව්‍යක් භාවිතා කර ක්‍රීඩා කිරීම සපුරා තහනම් වන අතර, එසේ වාර්තා වුවහොත් වහාම තරඟාවලියෙන් ඉවත් කරනු ලැබේ.
- වර්ෂාව වැනි හදිසි තත්වයක් නිසා තරඟයක් නැවැත්වූ විට, නැවත ආරම්භ කිරීමේදී නතර කළ තැන සිට තරඟය ඉදිරියට ගෙන යනු ලැබේ.
- සියලුම ක්‍රීඩකයන් මෙම තරඟ නීති රීති සම්බන්ධයෙන් හොඳින් දැනුවත් වී සිටිය යුතුය.